චන්න ජයසුමනට අධිකරණයෙන් නියෝග.

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටීම හේතුවෙන් එයින් නෙරපා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කරනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවක් සලකා බලමිනි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරිපාලන ලේකම්වරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ විත්තිකරු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවාසයේ රැඳි සිටින බැවින්, ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.