විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝග.

Colombo Sri Lanka Sri Lanka Magistrate Court Sri Lanka Electricity Prices Strike Sri Lanka
By Hashini Nov 01, 2023 07:31 AM GMT
Hashini

Hashini

Report

 වැඩි කළ විදුලි බිලට එරෙහිව අද (01) සංවිධානය කර ඇති විරෝධතා පාගමනකට අදාළව කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය අසලට පැමිණීමට සුදානම් වන "අනීතික විදුලි බිලට එරෙහි පාගමන" ට සහභාගී වන සාමාජිකයන්ට මෙම අධිකරණ නියෝගය ලබා දී තිබෙනවා.

ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර ඇතුළු ස්ථාන ගණනාවකට ඇතුළුවීම තහනම් කරමින් නියෝග නිකුත් කර තිබෙනවා.

කොටුව, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානිධිපතිවරුන් විරෝධතාකරුවන් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇති විය හැකි බවත් ඔවුන් රාජ්‍ය දේපළවලට, රාජ්‍ය නිලධාරින්ට හානි කළ හැකි බවත් යන කරුණු දැක්වීම් සළකා බලා එම නියෝගය සිදු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ, රැස්වීමේ නිදහසේ ගමන්බිමන් යෑමේ නිදහස ආරක්‍ෂා කිරීමට අධිකරණය බැඳී ඇති බැවින් අදාළ පාගමනට එක්වන ජනතාව සාමකාමීව කටයුතු කරන ලෙස ද දන්වා සිටිනවා.

එලෙස කටයුතු නොකරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසටද පොලීසියට උපදෙස් ලබා දීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එසේම මෙම විරෝධතා පා ගමන් හෙතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය ද අවහිර වී තිබෙනවා. 

ReeCha