සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් - අධිකරණයේ තීරණාත්මක විභාගය ඇරඹෙයි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ වී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 26ක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ වගන්ති සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අද පැවැත්වේ.