මදුරුවා බයික් එකෙන් ගිහි කේක් විකුණපු බිංදුවෙන්ම පටන් ගත්ත බින්දුගෙන් ඇහෙන සංවේදී කතාව මෙන්න

Report

බින්දු බෝතලේගම කියන්නේ ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ හඩට සමාන රුවට සමාන ප්‍රහසනයට දක්ෂ පුද්ගලයෙක් .

ඉතිං ඔහු ගැන සමාජ මාධ්‍යයේ බොහේ සෙයින් කතා වුණා බන්දු සමරසිංහ ඔහු ගැන නඩු මාර්ගයකට ගියා කියලත් ප්‍රචාරයක් තිබුණා .

කෙසේ වෙතත් ඔහු උත්සහයෙන් කැපවීමෙන් තමන්ගේ කේක් ව්‍යාපායෙන් දියුණුව කරගන මදුරුවා බයික් එකෙන් ගමන් කරපු ඔහු අද වන විට ත්‍රීවීල් රථයක් ලබාගන ජීවිතයේ වාහන හීනය සැබෑ කරගෙන තිබේ

ඔහු  සතුටු සිතින් සදහන් කරන්නේ මෙවැන්නක් 

''ඔයාලට කියන්න ඔන්න මම පුංචි රෝද තුනක් ගත්තා මදුරුවා බයික් එකෙන් තමා මම ගොඩ කාලෙක ඉදන් කේක් විකුණුවේ .මගේ තිබ්බ ලොකු හීනයක් .මගේ පුංචි පවුලට ත්‍රීවීල් එකක් ගත්තා .මගෙන් කේක් ගත්ත හැමෝටම ස්තුතියි .මගේ ශක්තිය මගේ බිරිද තමයි''

[