කොළඹ කොටස් අනතුරේ - ගනුදෙනුකරුවන් කළඹමින් සියලු කොටස් මිල කඩන් වැටෙයි
කොළඹ කොටස් වෙළඳපොළේ ප්රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 166.55 කින් (0.75%කින්) පහළ ගොස් ඇත.
එසේම එය 22,011.10 ක් වශයෙන් සටහන් කර තිබෙනවා.
මේ අතර දිනය තුළ වාර්තා වූ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2 ක් වශයෙන් දැක්වේ.