ඉතිහාසයේ පළමුවරට මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායමට වෙච්චදේ
ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක සීමාව ඉක්මවා ඇත.
මහ බැංකුවට අනුව, නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාව ඉහළ යාම මෙන්ම රතු මුහුදේ නැව් ගමනාගමනයට ඇති බාධා මීට ප්‍රධාන හේතු වී තිබේ.
පසුගිය වසරේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12.8ක් වූ අතර, 2023ට සාපේක්ෂව එය 7.02%ක වර්ධනයකි.
ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු කාර්මික අපනයනවල වර්ධනය මෙම ආදායම ඉහළ යාමට හේතු වූ බව මහ බැංකුව පවසයි.