පැයෙන් කොවිඩ් නැති කරන ශ්‍රී ලංකාවේ කොරෝනා රෝහල මෙන්න..

Covid Corona Sri Lanka Kandy
By Aruna Aug 27, 2021 08:12 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ආසාදිත බව කී ‘පොලිසියේ දෙදෙනෙක්ට’ පැයෙන් ලෙඩේ නෑ මහනුවර ඇසළ පෙරහරේ රාජකාරි කළ පොලිස් නිලධාරිනියකට හා පොලිස් කොස්තාපල්වරයෙකුට නාවලපිටිය රෝහලේන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවට දමා නැවතත් පැයකට පසුව කොවිඩ් වැළඳී නොමැති බව පවසා එළියට ගත් පුවතක් වාර්තා වනවා.

නාවලපිටිය පොලිසියේ පරිපාලන අංශයේ රාජකාරි කරන කාන්තා පොලිස් පරීක්ෂකවරියක් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මේ දෙදෙනා මහනුවර ඇසළ පෙරහැර රජකාරි සඳහා යොදවා තිබූ අතර පෙරහැර නිමවීමෙන් පසු නැවත සිය රාජකාරියට අනියුක්ත වීමට පෙර මෙම පරීක්ෂාව සිදුකර තිබුණා.

මෙම සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා නිවෙස්වලට යවා ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha