මහ මඟ ඇඳවැටී මියගිය තරුණයාට රෝහලේදී පණ එයි..ටික වෙලාවකින් පැන යයි.
මහ මග වැටී සිටියදී හමුවූ තරුණයෙක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ අයෙකු බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ රෝහලින් පළා යාමේ පුවතක් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
අධික ලෙස මත් ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින අයකු බව කියන මෙම තරුණයා කුරුණෑගල විල්ගොඩ මාර්ගයේ ගසක් යට වැටී සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇත.
හමු වන විටත් බිම වැතිරී සිටි ඔහුගේ මුහුණ ඇතුළු සිරුර පුරා කුහුඹුවන් සහ මැස්සන් පිරී සිටි බැවින් මේ මේ දිනවල පවතින තත්ත්වය අනුව මොහු කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් මරණයට පත්ව මහ මග වැටී සිටි අයකු බවට ප්‍රදේශවාසීන් විසින් නිගමනය කර ඇත.
එම නිගමනය හේතුවෙන් මොහුට ආසන්න වීමට කිසිවකුත් උත්සාහ දරා නැති අතර නැති අතර පසුව පොලීසිය සහ ඒ අසල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එක්ව එම තරුණයා ගිලන් රථයක දමා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇත.
රෝහලට රැගෙන ගොස් මද වේලාවකට පසුව මරණයට පත්ව ඇති බවට සැක කළ තරුණයා ට සිහි ලැබී තිබූ බවද ඉන් ස්වල්ප වේලාවකට පසුව ඔහු හොර රහසේම රෝහලෙන් පලාගොස් ඇති අතර මෙම සිද්ධියේ ඇති සැබෑ තතු අනාවරණය වීමට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයකු මහමග වැටී මිය ගොස් ඇති බව සඳහන් පුවතක් ඉතා උණුසුම් ලෙස කුරුණෑගල නගරය පුරා පැතිර ගොස් තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
