බිහිසුණු බස් අනතුර වළක්වාගත් සෙබළාට අගමැතිගෙන් පැසසුම්

Dinesh Gunawardena Sri Lanka
By Sewvandhi Jul 10, 2023 01:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (10)එනම් මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වී වළක්වා ගෙන එම බස් රථයේ ගමන් ගත් පනහකට අධික මගී ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් බී.ආර්.කේ.එල් කරුණාරත්න මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඔහු සිදු වීර ක්‍රියාව පැසසුමට ලක් කළා පසුගිය මැයි 26 දින බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා රියදුරු අසුනින් ඉවතට විසි වී ඇති අතර මීටර් පනහක් පමණ දුරක් රියදුරු නොමැති වූ බස් රථය ගමන් කර තිබුණා.

එම අවස්ථාවේදී බස් රථයේ ගමන් කරමින් සිටි ඔහු වහාම ක්‍රියාත්මක වී විශාල බැවුමකට ධාවනය වෙමින් තිබු බස් රථය පාලනය කර නවත්වා ගැනීමට සමත්වීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනීමට හැකියාව ලැබුණා.

ReeCha