මේ දිනවල රජයෙන් පොලිස් අශ්වයන් සීතල කරයි!
By Shehan
මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් පොලිස් අශ්ව රෝහක අංශයේ අශ්වයන් සඳහා ශීතල වාතාවරණයක් සැපයීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
එසේම, මෙම අශ්වයන්ට අවශ්‍ය ඖෂධ සහ ආහාර සැපයීම ගැන ද පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම අශ්වයන් අධික ශීත කලාපවලින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද බැවින්, ඔවුන්ගේ යහපැවැත්ම සඳහා විශේෂ සැලකිල්ලක් දැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව, මෙම අශ්වයන්ට ශීතල වාතාවරණයක් ලබාදීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.