ජනාධිපති මන්දිර ඇමති නිල නිවාස රටේ දියුණුවට සංචාරක නිවාඩු නිකේතන කරන්න සූදානමක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (29) පස්වරුවේදී සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් සිදුවිය. ජනාධිපතිවරයා පවසා සිටියේ 2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් අවශ්‍ය බවයි.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

එහිදී ජනාධිපතිවරයා විසින් නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට යෝජනා කළේය.

ඊට ආයෝජනය කරන මෙන් ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ අතර ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවද පැවසුවේය.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු වලදී ඇතිවන අඩුපාඩු සහ අභියෝග පිළිබඳව ව්‍යාපාරිකයන් ජනපතිට අවධාරණය කල අතර සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සදහා යෝජනා ලබා දෙන ලෙස ව්‍යාපාරිකයන්ට ජනපති ආරාධනා කළේය.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

මෙම සාකච්චාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ,ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සහ පාර්ශ්වකරුවන් පිරිසක් එක්වූහ.