පැමිණිලි විමර්ශනය විමධ්‍යගත කරන පාරිභෝගික අධිකාරිය.
Sri Lanka
Consumer Protection
Economy of Sri Lanka
Ministry of Consumer Affairs Authority
By Hashini
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ ජනතාවගෙන් ලැබෙන පැමිණිළි විමර්ෂනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් පැමිණිළි විමර්ශනය ආරම්භ කළ බවයි.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර තිබෙනවා.
එම ක්‍රියාවලි අද (17) එළිදැක්වීය.
එම අධිකාරිය පවසන්නේ, පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශන වෙනුවෙන් රටේ ඕනම තැනක සිට ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු බවයි.
එම නිසා විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත්, එමඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ පාරිභෝගිකයන් හට සහන සැලැස්විමේ අරමුණ කඩ වන බවත් එම අධිකාරිය පවසනවා.
