ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින අයට එය සිහිනයක් පමණයි - ජනපති කියයි
By Gagana News
ආර්ථිකය කඩා වට්ටමින් ආණ්ඩු අත්පත් කර ගැනීමට හැකි බව සිතන සිටිය යුගය අවසන් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අභ්‍යන්තර ගැටළු ඇති කරමින් ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින උදවියට එය සිහිනයක් පමණක් වනු ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියා.
ජාතිවාදයට සහ අන්තවාදයට යලි කිසිඳු දිනයක හිස ඔසවන්නට ඉඩ නොතබන බවයි මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියා.
එමෙන්ම අපරාද කල්ලි වර්ධනය වීමට දේශපාලන පසු පස සිටි බවද ජනාධිපතිවරයා කියා සිටියා එමෙන්ම අපරාධකරුවන් අපරාධ කිරීම සඳහා පොලිසියෙන් සහය ඇති බව ද ඔහු කියා සිටියා.
සංවිධානාත්මක අපරාද කල්ලි මැඩපවත්වන එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව බවද ජනාධිපතිවරයා සඳහන් කළා.