ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

Sri Lanka Dollars Export
By Gagana News Feb 28, 2025 11:21 AM GMT
Gagana News

Gagana News

Report

2025 ජනවාරි මාසයේ දී ශ්‍රි ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරයි.

මෙම කැපී පෙනෙන වර්ධනය ශ්‍රි ලාංකේය කර්මාන්තවල ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරඟකාරිත්වය පිළිබිඹු කරන අතර තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා මාවත විවර කර දී ඇත අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම කැපීපෙනෙන වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ කර්මාන්තවල ඔරොත්තුදීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරඟකාරීත්වය පිළිබිඹු කිරීමත් තිරසර ආර්ථික වර්ධනයකට මාවත විවර වීමත් සිදුවන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුව නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,004.82 ක් වන අතර එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 3.51%ක වර්ධනයකි.

කෘෂිකාර්මික අපනයන 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 14.87% වර්ධනයක් වන අතර එය 2025 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 258.93 දක්වා ළඟා වී ඇත. කාර්මික අපනයන ජනවාරි මාසය තුළදී 0.08%ක වර්ධනයක් වන අතර එය ඩොලර් මිලියන 745.89ක් වේ.

එසේම 2025 ජනවාරි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 329.37ක් වන අතර 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 37.87%ක වර්ධනයක් බවත් එම මණ්ඩලය පෙන්වා දේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 ජනවාරි සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුලුව සමස්ත අපනයන , අමෙරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙස සටහන් ව ඇත. 

පාසල් සිසුන්ට ලබා දෙන සපත්තු පිළිබඳ තොරතුරු නිකුත් වේ

පාසල් සිසුන්ට ලබා දෙන සපත්තු පිළිබඳ තොරතුරු නිකුත් වේ

පොලිස් නිලධාරීන්ට වෙනම වැටුප් ව්‍යුහයක් ලබන අයවැයේදී

පොලිස් නිලධාරීන්ට වෙනම වැටුප් ව්‍යුහයක් ලබන අයවැයේදී

ReeCha