පතොරම් ගැබක් සමඟ යතුරුපැදි අංක තහඩු 2ක් කිරිඉබ්බන්වැවෙන් හමුවෙයි
By Gagana News
පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සිදුකළ විශේෂ වැටලීමකදී T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයාගැනීමට සමත්ව තිබේ.
වැලිඔය පොලිස් වසමේ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේදී මෙම පතොරම් ගැබ සහ අංක තහඩු සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කරන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.