පොහොට්ටුව දිනවලා ආපහු බේරේ වැවේ නාන්න බෑ…! – දිළුම් අමුණුගම

Report

තමා පොහොට්ටුවට නැවත නොයන්නේ නැවත බේරේ වැවේ නාන්න බැරි නිසා බව සර්වජන බලය ජාතික සංවිධායක දිළුම් අමුණුගම මහතා පවසයි.

“සමහරු කියනවා අපි ආපහු පොහොට්ටුවට යන්න ඕන කියලා. ඇයි අපි පොහොට්ටුවට ආපහු නොයන්නේ? ඔබ අපි සියලු දෙනා කැපකිරීම් කරලා, 2/3ක බලයක් ලබාදීලා, නාමල් සහෝදරයාගේ පියා අගමැති කරලා, බාප්පා ජනාධිපති කරලා, මහප්පා කතානායක කරලා, අනික් බාප්පා මුදල් ඇමති කරල, නාමල්ටත් ඇමතිකම් හයක් දීලා තව අධීක්ෂණ මන්ත්‍රීකමකුත් දීලා කරගන්න බැරි වුණා නම්. අවසානයේ අරලියගහ මන්දිරේ ගොං රැස්වීමක් තියලා අපේ මිනිස්සුන්ට ගුටි දීලා වැවෙත් ඔබ්බෙව්වා නම් අපි අතර හිටි අහිංසකම මන්ත්‍රීවරයා අතුකෝරළත් මරා ගත්තා නම් මේ පාරත් දිනවලා ආපහු වැවේ නාන්නද? ඒක කරන්න බෑ.”

ජනහමුවක් අමතමින් දිළුම් අමුණුගම මහතා මේ බව කීය.  

ඒකත් නැති කර ගත්තු පියුමි හංසමාලි ප්‍රගීත් ගැන කී සැර කතාව මෙන්න

ඒකත් නැති කර ගත්තු පියුමි හංසමාලි ප්‍රගීත් ගැන කී සැර කතාව මෙන්න

පතොරම් ගැබක් සමඟ යතුරුපැදි අංක තහඩු 2ක් කිරිඉබ්බන්වැවෙන් හමුවෙයි

පතොරම් ගැබක් සමඟ යතුරුපැදි අංක තහඩු 2ක් කිරිඉබ්බන්වැවෙන් හමුවෙයි