විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටේදී ලැබෙන සහනය මෙන්න.

Manusha Nanayakkara Sri Lanka Government Of Sri Lanka
By Wayomi Apr 27, 2023 10:04 AM GMT
Wayomi

Wayomi

Report

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි

ඒ, අනුව පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් ඉහළ නැංවූ තීරු බදු සහනය ලබාගැනීමට සුදුසුකම් ලබන අතර එම එළැබෙන මැයි 1 වනදා සිට ක්‍රියාත්මකයි.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදේ.

එම කාණ්ඩ මෙන්න,

? ඇමරිකානු ඩොලර් 2400 - 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක්ද, ඩොලර් 4800 - 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ.

? ඩොලර් 7,200 - 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ.

? ඩොලර් 12,000 - 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට ඩොලර් 2,400 ක සහනයක් ලබාගැනීමට හැකිය.

? ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.


ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,


"විදේශ ගත ශ්‍රමිකයින්ට තීරු බදු සහන ලබාදීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී හිමිවන තීරු බදු සහනය ඉහළ නැංවීම සදහා වන චක්‍රෙල්ඛය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබුවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා ඒ පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඇප් එක හරහා ලියාපදිංචිවීම මගින් තමන් රටට එවන ඩොලර් ප්‍රමාණය මත පදනම්වෙලා තීරු බදු සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් හදුන්වාදීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකියි. ඒ වගේම විදේශ රැකියාවල නිරතවෙලා ඉදලා නැවත මේ රටට ආපු ශ්‍රමිකයින්ටත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මේ හරහාම ක්‍රියාත්ක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා."    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW