බිරිඳයි දරුවයි එක්ක කතා කරන්න නැතුව පුතාට උග්‍ර මානසික අවපීඩනය, හරක් කටාගේ පියාගෙන් ජිනීවාවලට පැමිණිල්ලක්

Report

අල්ලස් ලෙස රුපියල් කෝටි ගණනින් මුදල් ඉල්ලූ හා ලබාගත් දූෂිත නිලධාරීන් සහ දේපාලනඥයන් 20 දෙනකුගේ නම් ලැයිස්තුවක් සාක්ෂි සහිතව අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින තම පුත්‍රයා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටීම පිළිබඳව නඳුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) නම් සැකකරුගේ පියා ජිනීවා වෙත පැමිණිල්ලක් යොමු කර ඇති බව සඳහන්.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ පොලිස් නිලධාරීන් 87 දෙනකුගේ ආරක්ෂාව යටතේ රඳවා ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් මෙම පැමිණිල්ල ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් අතුරුදන්වීම් පිළිබඳ කමිටුව (UN Committee on Enforced Disappearances) හෙවත් ED කමිටුව) වෙත යොමු කර ඇත.

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

සිය පුත්‍රයා වන හරක් කටා ඉකුත් 2023 මාර්තු 15 වන දින අත්අඩංගුවට ගත් දින පටන් මේ වන තෙක් වසර 2 යි මාස 07 කාලයක් තිස්සේ, විවිධ රැඳවුම් නියෝග අවස්ථා 06 ක් යටතේ රඳවාගෙන ප්‍රශ්න කළද, ඔහුට විරුද්ධව මත්ද්‍රව්‍ය, ආයුධ හෝ වෙනත් අපරාධයක් පිළිබඳව සාක්ෂි සොයා ගනිමින් නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට නොහැකි වී ඇති බවට එම පැමිණිල්ල මගින් හරක් කටාගේ පියා ජිනීවා වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව හරක් කටාගේ පියා විසින් එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත්තේ සිය පුත්‍රයාට විරුද්ධව අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් හෝ නොමැති බවයි.

එමෙන්ම කුලියට මිනීමැරුම්, කප්පම් ගැනීමේ පිළිබඳ චෝදනාවක් නොමැති බවත්, ඔහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට හංවඩු ගැසුවත්, ඔහුට විරුද්ධව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 7.32 ක් සම්බන්ධව මාතර මහාධිකරණයේ 2020 වසරේදී පැවරූ එක් නඩුවක් පමණක් බවත් ‍ය.

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තවද තම පුත්‍රයා රඳවාගෙන සිටි දීර්ඝ කාලයේදී ඔහුට එල්ල කරන ලද එකම චෝදනාව වූයේ අත්අඩංගුවෙන් පැනයාමට තැත් කිරීම පිළිබඳව පවරා තිබූ ප්‍රසිද්ධ කිරිටොපි නඩුව පමණක් බවද හරක් කටාගේ පියා පෙන්වා දෙයි.

ඊට අමතරව එම පැමිණිල්ලෙහි දක්වා ඇත්තේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින තම පුත්‍රයාට, කුඩා දරුවාට හෝ බිරිඳට දීර්ඝ කාලයක් තිස්සේ කතාකර නොමැති වීම නිසා ඔහු උග්‍ර මානසික අවපීඩන තත්ත්වයට ලක්වී තංගල්ල රෝහලේ මානසික වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

එනිසා ඔහු මෙලෙස අසාධාරණ අයුරින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 02 කට ආසන්න කාලයක් රඳවා ගැනීමෙන් ජීවිතයට පවා අනතුරක් විය හැකි හෙයින් මෙම පැමිණිල්ල යොමු කරන බවයි.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?