කුරිය සේවාවෙන් ගේමක් ගහපු කතක් මාට්ටු වෙයි.

Police Colombo
By Aruna Jul 13, 2021 02:52 AM GMT
Report

කොළඹ සිට කුරියර් සේවා මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ "කුඩු නෝනී" නැමති සැකකාරිය කොම්පඤ්ඤවීථිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුල පුද්ගයින් 224 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 49,643දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now