කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කරයි
කොළඹ කොටස් වෙළඳපොළ අද (17) දිනයේදී ඉතිහාසයම වාර්තා කළ සුවිශේෂී අගය වාර්තා කරයි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගයට පැමිණ තිබේ.
කොටස් වෙළඳපොළ වාර්තා කළ ආකාරයට, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 217.65 කින් ඉහළ ගොස්, ඒකක 22,633.80 ක් ලෙස සටහන් විය.
මෙය කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම දර්ශක අගයද වනු ඇත. එමෙන්ම, අද දිනට අදාළ දෛනික ව්‍යාපාර පිරිවැය රුපියල් බිලියන 11.2 ක් ලෙස වාර්තා වී තිබේ.