දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

Report

දීපවාලි උත්සවය නිමිති කරගෙන මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල්වලට එළඹෙන 21 වන දින විශේෂ නිවාඩු දිනයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ තීරණය මධ්‍යම පළාතේ ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් විසින් තීරණය කර ඇත.

එසේම එම නිවාඩුව වෙනුවෙන් එළඹෙන 25 වැනි සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවටද මධ්‍යම පළාතේ ආණ්ඩුකරවරයා සියළුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

වාර්තා වූ ආකාරයට මෙම නිවාඩුව ලබා දී ඇත්තේ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පරිපාලනය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. ගනේස්රාජ් විසින් වැවිලි සමාජ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් වෙතින් කරන ලද ඉල්ලීමකට අනුවයි.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

මේ අතර සබරගමුව පළාතේ දෙමළ පාසල් සඳහා ද දීපවාලි දිනට පසු දින එනම් 21 වන අඟහරුවාදා නිවාඩුවක් ලබා දී තිබුණා.

ඒ බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතා දන්වා ඇත.

ඒ වැවිලි ප්‍රජා සංවර්ධන හා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතාට ලබා දුන් උපදෙස් පරිදී බව සඳහන්.

ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 - 6 ශ්‍රේණිවලට පෙළපොත් නැහැ - මෙන්න අමාත්‍යාංශ තීරණය

ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 - 6 ශ්‍රේණිවලට පෙළපොත් නැහැ - මෙන්න අමාත්‍යාංශ තීරණය

ආදායම් බලපත්‍ර නැති වාහනවලට මෙන්න සුබ ආරංචියක්

ආදායම් බලපත්‍ර නැති වාහනවලට මෙන්න සුබ ආරංචියක්