රටම කතා කළ වනවාසල දුම්රිය අනතුරෙන් දැවැන්ත පාඩුවක්
වනවාසල දුම්රිය අනතුර නිසා දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අඳාළ අනතුර හේතුවෙන් දුම්රිය පීලි, සිල්පර සහ දුම්රිය මාර්ග කොටස්වලට හානි සිදුව තිබෙන බව එහි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව දැන්වූ බව වාර්තා වේ.
එමෙන්ම එසේ හානි වූ කොටස් මේ වන විටත් පිළිසකර කර ඇති බව ද සඳහන්.
සේල්වල වාහන ගොඩ ගහන්න දෙන්න බෑ - වාහන ප්‍රශ්නේ උඩු දුවද්දි ණයවර ලිපි විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වන විට දුම්රිය සංඥා පද්ධතියට සහ දුම්රිය මැදිරිවලට වූ හානි තක්සේරුව කරමින් පවතින බවයි.
ඒ අනුව එම අංශ දෙකෙහි තක්සේරුව සහ මාර්ග පද්ධතියට වු හානි තක්සේරුව එකතු කර සම්පුර්ණ හානිය ඉදිරි දින කිහිපය තුළ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.