අන්තිමෙදී ලෝකෙම ගිනි ගත්ත යුද්ධේ නිමා වෙයි.. සමථයකට එන්න සූදානමක්
යුද ගැටුම් සමතයකට පත් කිරීම වෙනුවෙන් සාකච්ඡාවලට මෙන්ම ඕනෑම අවස්ථාවක සටන් කිරීමට ද සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එසේම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ සාම ගිවිසුම් පිළිබඳව නිසි පිළිතුරක් ලබා දීමට ඉරානයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් බවයි. එබැවින් සාම ගිවිසුමක් නොමැති විට නැවත ප්‍රහාර එල්ල විය හැකි බවට ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණු බව වාර්තා විය.
කෙසේ වුවද ටෙහෙරානයෙන් ”නිවැරදි පිළිතුරු ලබා ගැනීමට” තවත් දින කිහිපයක් බලා සිටීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීමෙන් අනතුරුව, යුද්ධය අවසන් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයේ නවතම යෝජනාව සමාලෝචනය කරමින් සිටින බවට ඉරානය දන්වයි.
ඒ අනුව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, ඉරාන - අමෙරිකා යුද ගැටුම් සමතයකට පත් කිරීම වෙනුවෙන් වූ යෝජනාවට අමෙරිකානු පාර්ශවයෙන් අදහස් ලැබුණු බවත් එම අදහස් පිළිබඳව ඉරානය සමලෝචනය කරමින් සිටින බවත් ය.