රට පැන්න දරුණු අපරාධකරුවන් 25ක් අල්ලන්න ගහන්න යන ප්ලෑන් එක මෙන්න
විදේශයන්හි සැඟව සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් 25 දෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට සහාය දෙන බවට ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පොල් )දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පාතාල නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඉෂාරා සෙව්වන්දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඩුබායි සහ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් පදිංචිය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටින බව වාර්තාවේ.
එම උත්සාහය වැළැක්වීමටද කටයුතු කරන බව ජාත්‍යන්තර පොලිසිය දැනුම්දී ඇත.
මෙරටින් පලා ගිය අපරාධකරුවන් වැඩි පිරිසක් දැනට රැඳී සිටින්නේ ඩුබායි ඉන්දියාව හා ප්‍රංශය ඇතුළු රටවල බව ආරක්ෂක අංශ පවසයි.