ඩොලර්වලට අසාමාන්‍ය ඉල්ලුමක් - හිඟයත් සමඟ ඩොලරයක් රුපියල් 370 - 380 වැනි ඉහළ මිලකට?

Report

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මෑත දිනවලදී ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙරට විදේශ විනිමය වෙළඳපොළ තුළ ඩොලර් ද්‍රවශීලතාව පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන්.

ඒ අනුව වෙළඳපොළ ආරංචි මාර්ගවලට අනුව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙනු ඇති බවට අපේක්ෂාවෙන්, අපනයනකරුවන් තමන්ට ලැබී ඇති විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර පවතින විනිමය අනුපාතිකයන්ට අනුව හෝ අවශ්‍ය ඩොලර් කඩිනමින් සපයා ගැනීමට ආනයනකරුවන් උත්සාහ කිරීම හේතුවෙන් ඩොලර් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද ඩොලරයේ මිල ගණන්

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද ඩොලරයේ මිල ගණන්

ඊට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අද දිනය පුරා නිල විදේශ විනිමය හුවමාරු මධ්‍යස්ථාන සතුව පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ඩොලර් සංචිත නොතිබූ බව වාර්තා වේ.

එසේම ඇතැම් ස්ථානවල ඇමරිකානු ඩොලරයක් රුපියල් 370 - 380 වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි වී ඇති බව සඳහන්.

මේ අතර නිල බැංකු පද්ධතිය සහ බලපත්‍රලාභී මධ්‍යස්ථාන තුළ පවතින ඩොලර් හිඟයත් සමඟ, 'උන්ඩියල්' සහ 'හවාලා' වැනි නීති විරෝධී, අවිධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් යළි සක්‍රීය වෙමින් පවති බවත් සඳහන්.

එමෙන්ම මෙම ක්‍රිප්ටෝ හුවමාරුවල ඩොලරයේ මිල නිල අනුපාතිකයන්ට වඩා බෙහෙවින් ඉහළ අගයක පවතින බව සඳහන්.

බිමට බැස්ස වෙලාවේ රත්තරන් ගත්තේ නැති අයට නරක ආරංචියක් - අද ආයේ රන් මිල වැඩි වෙයි

බිමට බැස්ස වෙලාවේ රත්තරන් ගත්තේ නැති අයට නරක ආරංචියක් - අද ආයේ රන් මිල වැඩි වෙයි

ජංගම දුරකථන මිල ශීඝ්‍රයෙන් ඉහළට.. කැඩුනට හදන්නත් ලේසි නෑ උපාංගත් ගිනි ගණන් වෙන ලකුණු

ජංගම දුරකථන මිල ශීඝ්‍රයෙන් ඉහළට.. කැඩුනට හදන්නත් ලේසි නෑ උපාංගත් ගිනි ගණන් වෙන ලකුණු