නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වීම සමඟ ඉදිරි පැය 36 ගැන නිවේදනයක්
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දෙපාර්මේන්තුව අද (21) දින පස්වරු 4.00 ට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.
එමෙන්ම ඇතැම් ස්ථානවලට මි. මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බව සඳහන් කර ඇති අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. (35-45) පමණ තරමක තද සුළං ඇති විය හැකි බව සඳහන්.
කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
[MHSFTXX ]