වෙසක් එකට බීම දන්සැල් දෙන අයට සෞඛ්‍යයෙන් විශේෂ ඉල්ලීමක්

Report

වෙසක් සමයේ සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මඟින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

මෙම දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැතිරයන බෝවන රෝග තත්ත්වයන්ද සලකා මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්.

කළින්ට වඩා වෙනස්ව සමරන්න වෙන මෙවර වෙසක් - වෙසක් සතියෙම මේවා තහනම් බවට පොලීසියෙන් දැනුම්දීමක්

කළින්ට වඩා වෙනස්ව සමරන්න වෙන මෙවර වෙසක් - වෙසක් සතියෙම මේවා තහනම් බවට පොලීසියෙන් දැනුම්දීමක්

එසේම දන්සැල් සැලසුම් කිරීමේදී අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) සමඟ සම්බන්ධීකරණය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධායකයින්ට පවසයි.

එමෙන්ම සම්බන්ධීකරණය සහ විමසීම් සඳහා සහාය වීමට, අමතර සහාය අවශ්‍ය සංවිධායකයින් වෙනුවෙන් සම්බන්ධතා අංක ද අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා, සංවිධායකයින්ට 0776697674 අංකයෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක THVC විතානගේ සහ අනෙකුත් ප්‍රදේශ සඳහා, මධ්‍යම ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.එල්. ජයලාල් මහතා 0779191010 අංකයෙන් සම්බන්ධ කර ගත හැකි බව ඒ අනුව දන්වා ඇත.

එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජනක සුනෙත් ​​බණ්ඩාර හරහා 0714327387 අංකයෙන් අමතර සම්බන්ධීකරණ සහාය ලබා ගත හැකි බව සඳහන්.

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට