කොළඹ කොටස් වෙළඳපොළ පහළට - අද අගයන් මෙන්න
කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධානතම දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද 09 වැනිදා ගනුදෙනු අවසානයේදී පෙර දිනයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් එනම් ඒකක 143.89 කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද දවසේ සමස්ත කොටස් ගනුදෙනු නිල වශයෙන් අවසාන වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21547.17 ක් ලෙස සටහන් වූ අතර, වෙළඳපොළ තුළ අද දින වාර්තා වූ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.1 ක මට්ටමක පැවති බව කොටස් වෙළඳපොළ නිල වාර්තා පෙන්වා දෙයි.