අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා - සලේ වෙනුවෙන් විමල්,ගම්මන්පිලගේ හයියට නාමලුත් සත්‍යග්‍රහයට එක්වෙයි

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට වත්මන් පාලනය යටතේ අමානුෂික සහ කෲර අයුරින් සලකනු ලබන බවට චෝදනා කරමින් සහ ඊට එරෙහිව සිය දැඩි විරෝධය පළකරමින් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇති විශේෂ මහජන සත්‍යග්‍රහය අද 09 වැනිදා දෙවන දිනටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වෙයි.

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ

මේ අතර කොළඹ කොටුව දුම්රියපොළ පරිශ්‍රයේ අඛණ්ඩව පැවැත්වෙන මෙම විරෝධතා සත්‍යග්‍රහය සිදුවන ස්ථානය වෙත මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද නිල වශයෙන් පැමිණ තිබේ.

දැනට දින 2 ක් පුරා මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ සෘජුවම රැඳී සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රධාන නායකයින්, පොදුජන පෙරමුණේ නියෝජිතයින් සහ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසට සිය පක්ෂයේ උපරිම සහාය සහ සහයෝගීතාවය පළකිරීම වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙලෙස එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවල නිරත විය.

"රටේ දරිද්‍රතාවය 30% පනී මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ" නාමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

"රටේ දරිද්‍රතාවය 30% පනී මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ" නාමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

එහීදී අදහස් දැක්වූ ඔහු ,

අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා.ජයග්‍රහණය ලැබුවේ මැයි 18 වෙනිදා.අද අපි දකින්නේ ඒ ජයග්‍රහණය රටේ ජනතාව භුක්ති විඳිද්දී ඒ වෙනුවෙන් කැපවුණු රණවිරුවන්ට ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න බැරි බවයි.පාස්කු ප්‍රහාරය ගැන ජයග්‍රහණයක් ලැබෙන්නේ ජේවීපී එකේ ජාතික ලැයිස්තුවට ඉබ්‍රෑම් දැම්මේ කවුද කියලා හෙළිවුනු දවසට.නීතිඥවරයා කවුද නීතිඥවරයා ඔහුට ලබා දුන්නේ කවුද කියන එක දැනගත්තු දවසට ඉතින් ඒ සාධාරණත්වය ඉෂ්ට කරන්න ගිහින් දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ අසාධාරණයට ලක්වෙන්නේ මේ රටේ මිනිස්සු"