කොළඹට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Report

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා.

මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔහුට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් ජනරාල් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව තිබේ.

එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලකගෙන් කළ විමසීමේදී ඔහු පැවසීය.

එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් තිස්දෙනකු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටියා.