කොළඹ ගින්නක්..තවත් පෙදෙසක පිපිරීමක්..

Accident Sri Lanka Fire Colombo gaspaha
By Aruna Dec 05, 2021 06:56 AM GMT
Aruna

Aruna

Report

කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක අද (05) පෙරවරුවේ දී ගින්නක් හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට ගින්න පාලනය කර ගැනීමට කොළඹ ගිනි නිවන ඒකකය සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව ගෑස් කාන්දු වීමක් නොවන බව ද මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

එම වෙළඳසල තුළ පොල්කටු අඟුරු, ප්ලාස්ටික්, ගල් අඟුරු, හිස් බැරල්, ප්ලාස්ටික් බාල්දි ඇතුළු ද්‍රව්‍ය අලෙවි කිරීමට තබා තිබූ ස්ථානයක්.

ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට මේ වන විට සොයාගෙන ඇති අතර, වේල්ල වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අවට වෙළෙඳසැල්වලට ගින්න පැතිරී යාමට නොදී පාලනය කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බව ද වාර්තා වනවා.

මේ අතර අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ රාත්‍රී ආපනශාලාවක ඊයේ (04) සවස 6.45 ට පමණ පිපිරීමක් සිදුව තිබේ.

එහිදී හටගත් ගින්නෙන් වෙ‌ළෙඳසැළට දැඩි අලාභහානි සිදුවී ඇත.

වෙ‌ළෙඳසැල්හිමියා පවසන්නේ අධික ශබ්දයක් සමග ගින්න හටගත් අතර, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවය.

ඔහු පැවසුවේ සිය වෙළෙඳසැළේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් උඳුනේ මෙම පිපීරිම සිදුවු බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now