කොළඹින් කොරෝනා වාර්තාවක්...නව ප්‍රභේද රැසක් හමුවෙයි.
කොවිඩ් වයිරසයේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා සිදුකළ තවත් පර්‌යේෂණ වාර්තාවක් අද (27) සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානයන්ගෙන් ලබා ගත් සාම්පල් අනූ හතරක් භාවිතා කරමින් මෙම පර්‌යේෂණය සිදු කර ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ් ප්‍රභේදයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් ලෙස මෙම පර්‌යේෂණය සිදු කරන අතර එහිදී දැනට පවතින ප්‍රභේදයන් මෙන්ම නව ප්‍රභේදයන් වාර්තා වීමක් ද සිදු විය හැකි යැයි ඔහු පැවසුවේය.
අහඹු ලෙස ලබා ගත් සාම්පල්හි ජාන විශ්ලේෂණ පරීක්ෂාවන් සිදු කිරීමෙන් පසුගියදා ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගැනීමටත්, එම ප්‍රභේදයේ සිදුව ඇති විකෘතිතා හඳුනා ගැනීමටත් මෙම පර්යේෂණ මඟින් හැකි විය.
එම නිසා වසංගතයක් පවතින මෙවැනි කාල වකවානුවක අහඹු ලෙස ලබා ගත් සාම්පල් යොදා ගනිමින් සිදු කරන ජාන විශ්ලේෂණ පරීක්ෂාවන් ඉතා වැදගත් බවද ඔහු පෙන්වාදේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
