පාකිස්තානයේ ගල් අඟුරු පතලක් එකවරම මාරක උගුලක් වෙයි - 34 දෙනෙකුගේ ජීවිත බිලිගනී
By Malith Madushan
දකුණු පාකිස්තානයේ පිහිටි ගල් අඟුරු පතලක සිදුවූ ප්‍රබල පිපිරීමකින් කම්කරුවන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පිපිරීමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ.
මේ අතර, තවත් කම්කරුවන් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වන අතර, ඔවුන් සොයා සහ මුදා ගැනීම සඳහා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය තීරණය කිරීම සඳහා අදාළ බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරි විමර්ශනවලින් අනතුරුව නිකුත් කිරීමට නියමිතය.