මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ඉඟියක්

By Sewvandhi Dec 09, 2021 09:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා පළාත් පාලන ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ හමුවේ ප්‍රකාශ තිබෙනවා.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස 4කට පමණ පෙර ඊට සුදානම් වීම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, වෙනසක් නොමැතිව පවතින නීතිමය තත්ත්වය යටතේ ම පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නම් 2022 ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW