වසන්ත ඝාතනයට දකුණේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුටත් රතු එළියක්..කෝටි හැත්තෑවක මුදල් ආරවුලකුත් එළියට.
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට හේතුව කෝටි හැත්තෑවක මුදල් ආරවුලක් මතදැයි ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.
මාකඳුරේ මදුෂ සහ ක්ලබ් වසන්ත අතර මෙම ආරවුල කලක පටන් පැවති ඇති බවයි වාර්තා වන්නේ.
මාකඳුරේ මධූෂ් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මෙරටදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගියා.
අදාළ ගනුදෙනු සිදුව ඇත්තේ ඔවුන් ඩුබායි රාජ්‍යයේ සිටියදී බවයි සඳහන් වන්නේ.
පොලිසිය සැක කරන්නේ, කෙසේ වෙතත් මාකඳුරේ මදුෂ් සහ කන්ජිපානි ඉම්රාන් ඉතා සමීප මිතුරන් වන අතර ඒ අනුව මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ දැනට ප්‍රංශයේ දේශපාලන රැකවරණ මත සිටින කන්ජිපානි ඉම්රාන් විසින් බවයි.
ක්ලබ් වසන්තට ඊයේ දිනයේ ආයතනය විවෘත කිරීමේ ආරාධනා පත ලබා දී ඇත්තේ, දකුණු පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු හරහා බවද පොලිසිය සොයාගෙන ඇති බවත්, ඒ අනුව ඔහු සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කිරීම් කර ඇති බව ද වාර්තා වේ.
මේ අතර, ඩුබායිවල සිටින සිය මිතුරන් තමන්ගේ ටැටු ආයතනයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා සිය ගිණුමට රුපියල් ලක්ෂ 10ක් බැර කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ, එම මුදල් මෙම පුද්ගලයාට සිය ආයතනය වෙනුවෙන් ලැබුණාද නැතහොත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා අත්තිකාරමක් ලෙස ලැබුණාද යන්න පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
එලෙස ගිණුම්ගත වූ මුදල් ලැබුණේ පාතාල නායකුගෙන් යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කළා.
එසේම අතුරුගිරිය පොලිසිය පවසන්නේ, මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කල පුද්ගලයා ඇතුලු වෙඩික්කරුවන්ට පලා යාමට වාහන ලබා දුන් බවට සැකපිට සිව් දෙනෙකුගෙන් සහ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.
ඊයේ (8) එම ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.
ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් පුද්ගලයා ලංකාවේ හිටපු ජනප්‍රිය ප්‍රසිද්ධ ධර්ම කථික හිමිණමක්..කේ.සුජීවා නිසාලු මේ දේ උණේ.(VIDEO)
මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වුණ කංජ් පානී ඉම්රාන් විසින් සිදු කළ බවට සැකයක් මේ වන විට පවතින බවද පොලීසිය ප්‍රකාශ කරයි.