අනතුරක් හේතුවෙන් මාර්ගයක් තාවකාලිකව වැසෙයි..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka
By krishani Apr 30, 2023 07:45 AM GMT
krishani

krishani

Report

ඊයේ (29), හොර්ටන් තැන්න නැරඹිමට ගිය පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත්විම නිසා පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කෙරිණ.

ඒ සම්බන්ධයෙන් පට්ට්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ පවසා සඳහන් කළේ ය.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් සමන්විත පවුලේ සමාජිකයන් පිරිසක් හොර්ටන් තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ ඇත.

ඉන් අනතුරුව ආපසු නුවරඑළිය දක්වා ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව ඇත.

පස්වරු 4.30 ට පමණ අධික බැවුමක් සහිත ප්‍රදේශයක දී ධාවනය වෙමින් තිබු බස් රථයෙහි තිරිංග ක්‍රියා විරහිත විම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.

බස් රථ රියදුරාගේ හැකියාව හේතුවෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැත.

ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බස් රථය ඉවත් කිරිමෙන් අනතුරුව හොර්ටන් තැන්නට වාහන ඇතුල් කිරිමට අවස්තාව ලැබෙන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join