එළැඹෙන 14 වෙනිදායින් පසු මරට කාලගුණයේ දැවැන්ත වෙනසක්... ප්‍රදේශ රැසකට රතු නිවේදන..(VIDEO)

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Oct 11, 2024 10:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පවසන්නේ, එළඹෙන 14 වනදායින් පසුව දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන් අකුණු අනතුරු ඇති වීමේ හැකියාව එම කාලය තුළ පවතින බවයි, අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර අද (11) පෙරවරු 6:00න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම අගය මිලිමීටර් 239ක් ලෙස සටහන් වී ඇති බවයි.

ඊට අ,අතරව ඇල්පිටිය ප්‍රදේශයට මිලිමීටර් 194.75ක්, බුලත්සිංහලට මිලිමීටර් 187ක්, මතුගමට මිලිමීටර් 186.5 සහ සීතාවක ප්‍රදේශශයෙන් මිලිමීටර් 184.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

එමෙන්ම අද දිනයේ මේ වන විට ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ සියලු විස්තර පහත වීඩියෝවෙන්..