ලොව රටවල් වැඩියෙන්ම භාවිතා කරන එන්නත මෙරටට ලැබෙයි.
මෙරට එන්නත් කරන වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා චීනයෙන් සින්කොවිට් දානමය මර්දනය එන්නත් මාත්‍රා මිලියනයක් පරිත්‍යාග කිරිමට නියමිතව තිබේ. සිනොවැක් එන්නත ලොව වැඩි වශයෙන් භාවිතා කරන එන්නතක්.
අගෝස්තු අවසානය වන විට රටවල් පනහකට එම එන්නත් මාත්‍රා බිලියන 1.8 ක් සපයා ඇති අතර බිලියන 1.4 ක ට එන්නත් එන්නත් කරණය සිදු කර ඇත.
එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව අද (06) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ. එහිදී පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන සහ එන්නත්කරණය සිදුකරන කාණ්ඩය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා, “එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව රැස්වීමට නියමිතයි. එහිදී එන්නත්කරණය පිළිබඳව තීරණ කිහිපයක් ගැනීමට නියමිතව තිබෙනවා.
එහිදී පාසල් ආරම්භ කිරීම, පාසල් ළමුන් සඳහා එන්නත්කරණය. මේ අවස්ථාවේදී මතක්කරන්න ඕනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා ඉදිරිපත්කරලා තියෙනවා.
එම සියලුම යෝජනා සැලකිල්ලට ගෙන උචිත සුදුසු ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් රජය විසින් තීරණයක් අරගෙන පාසල් ළමුන් හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලට යොමුවීමට අවස්ථාව තාක්ෂණික කමිටුව මගින් තීරණයක් ලබාදෙයි.“ මේ අතර ළමුන් දෙසියකට අඩු පාසල් ඉදිරි සති දෙක තුන තුළදී යළි විවෘත කිරීමට රජයේ සැලසුම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
