මෙරට සිගරැට් මිලට කරන්න යන දේ මෙන්න – අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

Cancer Government Of Sri Lanka Drugs
By Wayomi Jun 09, 2024 01:25 PM GMT
Wayomi

Wayomi

Report

මෙරට සිගරට් හා දුම්කොළ භාවිතය අකර්මන්‍ය හා අධෛර්ය කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, ලෝකයේ සිගරට් හා දුම්කොළ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම සම්මතය වන ප්‍රචාරයන් රහිත සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදය අනුගමනය කිරීමරට කටයුතු කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

වාහන ආනයනයට අවසර? - ගෙන්වන මාසය සහ පළමුවෙන්ම ගෙන්වන වාහන මෙන්න.

වාහන ආනයනයට අවසර? - ගෙන්වන මාසය සහ පළමුවෙන්ම ගෙන්වන වාහන මෙන්න.


ඔහු මේ බව සඳහන් කළේ ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශේෂ වැඩසටහනට සහභාගී වෙමින්.

මෙරට බෝවන රෝගවල සිට බෝනොවන රෝගවලට පරිවර්ථනය වෙමින් ඇති බවත්, වර්තමානයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්වසන රෝග ආදිය බහුල වීමට දුම්වැටි භාවිතය එක් මූලික හේතුවක් බවයි එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය අඩුකර ගතහොත් ලොව ජිවත්වීමේ වැඩිම ආයු කාලයක් සහිත රටවල්වල තත්ත්වයට ශ්‍රී ලංකාවටද යා හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.


එම අවස්ථාවේදී මෙරට මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් දුම්කොළ භාවිතයෙන් මෙරට ජනතාව මුදා ගැනීම සදහා සිදු කරන මෙහෙවර අගයමින් විශේෂ සහතිකයක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වෙත පිරිනැමීය.

ReeCha