මහින්දගේ හිටපු ලේකම් CIDට කැඳවයි - රාජපක්ෂ රහස් තවදුරටත් අනාවරණය වේද?
By Shehan
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ලෙස සේවය කළ ලලිත් වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශයක් ලබා ගැනීමට සූදානම් වේ.
මෙම පරීක්ෂණය, රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලයේ (2005-2015) ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා තීරුබදු රහිතව ආනයනය කරන ලද බස් රථයක් තංගල්ලේ කාල්ටන් පෙර පාසලට ලබා දුන් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ වී ඇති බව ඉංග්‍රීසි මාධ්‍යයක් වාර්තා කර ඇත.
මෙම චෝදනාවට අදාළව, එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ අතිරේක ලේකම්වරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට කැඳවීමට නියමිතය.
එම බස් රථය රජයේ වත්කමක් ලෙස තීරුබදු රහිතව ආනයනය කර ඇති අතර, එය පෙර පාසලකට ලබා දීම රජයේ මුදල් අවභාවිතයක් ලෙස සැලකේ.