තවත් පිරමීඩ ජාවාරමක් හසුවේ

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා ඇත්තේ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ඔරලෝසු, විසිතුරු භාණ්ඩ, සෝලා පැනල් ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ පිරමිඩ ජාවාරමකට 50,000කට අධික පිරිසක් හසුවී ඇති බවයි.

මෙම පිරමිඩ ජාවාරම කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවත, අංක 403 ලිපිනයේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම විසින් සිදුකරගෙන ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත දන්වා සිටියේය දිවයින පුරා සාමාජිකයන් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් ඇතුළත් කරමින්,  මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇත.

ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විල්වරාජන් විජේරත්නම් එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ප්‍රියන්ත ප්‍රේමනාත්, නාමල් බණ්ඩාර කුලතුංග, සෝලමුත්තු සිවරාජා සහ එහි වෙළෙඳ ප්‍රචාරක කටයුතු සිදුකළ බව කියන පල්ලේගෙදර ප්‍රේමකීර්ති බණ්ඩාර සහ සුසන්ත බණ්ඩාර නමැති සැකකරුවන් හත් දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ලබන මස 4 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

තවද මෙම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ තෙවැනි සැකකාරිය වන ඇනීටා ශිරානි කපුවත්ත යන අය 2015 මැයි 3 වැනිදා විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස මෙම පිරමිඩ සමාගමට සම්බන්ධ වී මාසිකව රුපියල් ලක්ෂ 6ක පමණ වැටුප් ලෙස ලබාගෙන ඇති සදහන් වේ.

මෙම සිදුවීමේ පරීක්ෂණ වලදී ඇය විසින් මැලේසියාවේ පිහිටි විජය ඊශ්වරන් යන අයගේ අධ්‍යාපනික ආයතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමග ලේඛන මගින් සම්බන්ධ වී අධ්‍යාපන පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට සම්බන්ධ වී  ඇති බව සොයාගන ඇත. 

එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව අදාළ සමාගමේ කටයුතුවලට සම්බන්ධ වී නොමැති බවත් අධ්‍යාපන ආයතනයට පමණක් සම්බන්ධ වී සිට ඇති බවත් ඇය 2020 වසරේදී එම සමාගමෙන් ඉවත් ව ඇති බව සදහන් කරන ලදි.

තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙන්නෙක් බඩුත් එක්කම අත්අඩංගුවට

තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙන්නෙක් බඩුත් එක්කම අත්අඩංගුවට

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දැන්වූයේ මෙම පිරමිඩ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ කඩවත, මහර පදිංචි ජනාර්තන් ත්‍යාගරාජා අත්අඩංගුට ගැනීමට විමර්ශන සිදුකළද, ඔහු පදිංචි ස්ථානවල නොමැති බවයි.

මෙම නඩුව විභාග කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් දීර්ඝ කාලයකින් ලැබීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් මෙවැනි ආයතන හරහා මෙරට ආර්ථිකයට සිදුවිය හැකි දේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරමින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

රන් මිල දැවැන්ත ලෙස පහළට - ගන්නවා නම් අද තමයි හොඳම දවස

රන් මිල දැවැන්ත ලෙස පහළට - ගන්නවා නම් අද තමයි හොඳම දවස