බැකෝ සමන්ගේ බිරිඳට ඇප

Report

රිමාන්ඩ් භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම සැකකාරිය කටුනායක ගුවන්තොටුපළේදී පොලිසිය භාරයට ගන්නා විට ඇය සන්තකයේ තිබූ පවුම් 40 කට අධික රන් ආභරණ, මැණික් හා ස්වර්ණාභරණ අධිකරණය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇතත් මේ දක්වා එකී වාර්තාව ලැබී නොමැති බව විමර්ශන නිලධාරීහු පැවැසූහ.

පොලීසියේ පිස්සු නැටූ තුන්දෙනෙකුට මාංචු

පොලීසියේ පිස්සු නැටූ තුන්දෙනෙකුට මාංචු

සැකකාරිය ඇගේ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකාරිය ඇප මත මුදා නොහරින ලෙසද විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඇගේ සැමියාට එරෙහිව හෙරොයින් ග්‍රෑම් 38ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අධිකරණයට පෙන්වා දුන් විමර්ශන නිලධාරීහු එකී නඩුව පවරා තිබියදී විත්තිකාර බැකෝ සමන් නමැත්තා මෙම සැකකාරිය හා දරුවා සමග රටින් පලාගොස් ඇතැයි ද පැවැසූහ.

සැකකාරිය එලෙස විදේශ ගතවී ඇත්තේ වැඩිමහල් දරුවාගේ උප්පැන්නයේ සඳහන් දරුවාගේ පියාගේ නම මකාදමා වෙනස් කිරීමෙන් අනතුරුව බවත් ඇය ඇපමත මුදාහැරීමෙන් විමර්ශනවලට බලපෑම් විය හැකි බවත් අධිකරණයට පෙන්වා දුන්හ.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට විශේෂ දැනුම්දීමක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට විශේෂ දැනුම්දීමක්