ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණයට විශේෂ දැනුම්දීමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය දින 90ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම දැනුම්දීම සිදු කර තිබේ.