වියට්නාමයේත් දරුණු ඛේදවාචකයක් - 13 ක් මරුට තව 11දෙනෙක් අතුරුදහන්
By Kaushi
වියට්නාමයට බලපා තිබෙන ජලගැලීම් නිසා ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවදුරටත් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
ඉකුත් දින කිහිපයේ එරට මධ්‍යම ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඒ සමඟ හියු සහ හෝයි ඇන් නගරවලට එය දරුණු බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වුණා.
මේ වනවිට ජල මට්ටම අඩුවීමට ආරම්භ වී තිබෙන අතර, අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.