“රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ 971 දෙනෙක් අත්අඩංගුවට

Report

පොලීසිය විසින් සදහන් කළේ  දිවයින පුරා ක්‍රියාත්මක කළ “රටම එකට“ ජාතික  මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී වැටලීම් 987ක් සිදු කළ බවයි.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 371දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම හරහා සමස්තයක් ලෙස සැකකරුවන් 971 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

එහිදී සැකකරුවන් 22කට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

ඒවගේම මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇත.