සේවය හැරගිය වෛද්‍යවරුන්ගෙන් රජයට බිලියනයක පාඩුවක් විගණන කාර්යාලය කියයි
ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණනයකින් හෙළිදරව් වී ඇත්තේ සේවය හැරගිය වෛද්‍යවරුන්ගෙන් සහ සේවා ගිවිසුම් උල්ලංඝනය කළ වෛද්‍යවරුන්ගෙන් රජයට රුපියල් බිලියනයකට වැඩි මුදලක් අයවීමට ඇති බවයි.
ඒ අනුව සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාවේ මේ පිළිබද වාර්තා වේ.
ඒ වගේම එම වාර්තාව තුළින් වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ පුහුණුව සඳහා විදේශ රැකියා වෙනුවෙන් මෙන් ම අනෙකුත් හේතු මත විදේශගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්ව යෑමේ සහ සේවය අතහැර යෑමේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති බව අනාවරණය වී ඇත.
ඒ වගේම විදේශීය පුහුණුව සඳහා තෝරා ගන්නා වෛද්‍යවරුන්ට අමාත්‍යාංශය උපරිමය වර්ෂ දෙකකට යටත්ව වැටුප් සහිත විදේශ නිවාඩු අනුමත කරන බවත්, වැටුප් රහිත පුහුණුවකට තෝරාගනු ලබන වෛද්‍ය නිලධාරියකුට වර්ෂයක් සඳහා මාසික යැපීම් දීමනාවක් අදාළ රටේ මුදල් ඒකකයෙන් ගෙවීම සිදු කරන බවත් විගණන වාර්තාවේ සඳහන් වේ.
වැටුප් සහිතව අධ්‍යයන නිවාඩු ලබන වෛද්‍ය නිලධාරීන් බැඳුම්කරයක් අත්සන් කළ යුතු වේ.
තවද අධ්‍යයන නිවාඩු ලබා ගන්නා නිලධාරීන් නියමිත කාලයේදී සිය පාඨමාලාව අවසන් කර නැවත සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම කළ යුතුය.
ඔවුන් එලෙස රාජකාරී නැවත බාරගත් දින සිට සිය වැටුප් සහිත නිවාඩු කාලය මෙන් හතර ගුණයක කාලයක් රජය යටතේ සේවය කළ යුතු ය.
ඒ අනුව මෙම විගණන වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක් ලෙසින් වෛද්‍ය නිලධාරීන්ගෙන් අයකරගත යුතුව පවතින රු. බිලියන 1.277ක මුදල අය කරගැනීම සඳහා පියවර ගැනීම ඇතුළත් වේ.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        