එක්ස්ප්‍රස් පර්ල් වංචාවේ ‘චාමර’ ගැන හොයන්න ගිය CID යට වෙච්ච දේ. - බැංකුවත් නෑ – ගිණුමත් නෑ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඊයේ (26) වනතුරුත් CID ය අපොහොසත් වී තිබෙනවා.
ඒ, අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් දින ගණනක් තිස්සේ විමර්ශන පැවැත් වුවද මෙම මුදල් තැන්පත් කළ බව කියන එංගලන්තයේ බැංකුව පිළිබඳව හෝ එම ගිණුම පිළිබඳව සහ වැනි පුද්ගලයකු පිළිබඳව හෝ ඔහු පදිංචි ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිවී නැහැ.
මෙම මුදල් තැන්පත් කළ බව කියන බැංකුව පිළිබඳ සහ එම ගිණුම පිළිබඳව තොරතුරු සොයා ගැනීමට මහ බැංකුවේ විශේෂඥ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර විමර්ශන පැවැත්වීමට මහ බැංකුවේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව කටයුතු කරන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීම ප්‍රමාද කිරීමට ඩොලර් මිලියන 250 ක මුදලක් එංගලන්තයේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් එම ගිණුම චාමර ගුණසේකර නමැති ශ්‍රී ලාංකිකයකුට අයත් එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |