රන් භාණ්ඩ අලෙවිසැල්වල කෝටි ගණනක කොල්ලකෑමට සම්බන්ධ සුරාබදු නිලධාරීන් 5ක් CID අත්අඩංගුවට

Report

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස්දෙනෙකු අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුනි මාසයේ කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකින් රුපියල් දසකෝටි විසි ලක්ෂයක (රු. 102,000,000) කොල්ලකෑම සම්බන්ධයෙන් CIDයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය සිදුකරන පරීක්ෂණයට අදාළව මෙම අත්අඩංගුව සිදුකර ඇත.

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, ජුනි 5 වැනිදා මෙම සැකකරුවන් නීත්‍යානුකූල වැටලීමක් සිදුකරන ආකාරයෙන් රන් භාණ්ඩ වෙළඳසැල් දෙකට පැමිණ එම ස්ථානවලින් රුපියල් දසකෝටි විසි ලක්ෂයක මුදල් සහ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පසුව ඉන් සිව්දෙනෙකු සතුව නීතිවිරෝධී දුම්වැටි තිබූ බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම, භාරයට ගත් මුදලින් රුපියල් කෝටි 5ක් පමණ නැවත ඔවුන්ට ලබාදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

අත්අඩංගුවට ගත් නිලධාරීන් අවුරුදු 30ත් 46ත් අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

සෙව්වන්දිගේ ආන්දෝලාත්මක හඬ පටයක් එළියට - අපා දුකක් විඳලා ඇගේ කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නත් හදලා

සෙව්වන්දිගේ ආන්දෝලාත්මක හඬ පටයක් එළියට - අපා දුකක් විඳලා ඇගේ කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නත් හදලා