රූබික් කැට 1200ක් යොදාගෙන ජනපති අනුරගේ රුව මවමින් පුංචි කොලුගැටයෙක් නව වාර්තාවක් තැබූ හැටි.

Anura Kumara Dissanayaka Sri Lanka School Children AKD
By Wayomi Dec 04, 2024 08:18 AM GMT
Wayomi

Wayomi

Report

රූබික් කැට අනුසාරයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව නිර්මාණය කර ලෝක වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු වන එච්.ඩි සස්නුල සෙහන්ස ලක්මාල් ශිෂ්‍යයා සමත් වී තිබෙනවා.

රූබි කැට 1200ක් උපයෝගී කරගනිමින් අඟල් 91 උස අඟල් 68ක් පළල ඔහුවගේ මෙම නිර්මාණය කිරීම සඳහා පැය 3 විනාඩි 13 තප්පර 11 වෙලාවක් ගතවී ඇත.

choland book of world record සංවිධානය පවසන්නේ, මෙය නව ලෝක වාර්තාවක් බවයි.

එමෙන්ම වයස අවුරුදු 11ක් වන මෙම ශිෂ්‍යයා මෙම නිර්මාණ කිරීමට ඉගෙන ගෙන ඇත්තේ you tube උපයෝගී කරගනිමින් බවයි වාර්තා වෙන්නේ.

මෙම නිර්මාණය අධීක්ෂණය සඳහා step ආයතනයේ නිර්මාතෘ ප්‍රැන්සිස් ජේසු නාදන් , choland book of world record ආයතනයේ උපසභාපති නාග වාභිරාජා , මහලේකම් කැප්ටන් ඉන්ද්‍රනාත් පෙරේරා , people help in people Foundation සංවිධානයේ අධ්‍යක්ෂ කැලරන්ස් යන පිරිස් පැමිණ සිටියා. 

You may like this video



ReeCha