ඝාතන 5ක නඩුවක් නිසා පිල්ලෙයාන් වැලිකඩින් දැඩි ආරක්ෂාවක් මැද මඩකලපුව උසාවියට- තීන්දුව මෙන්න
2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 15 වනදා අධිකරණයට වාර්තා කර තිබුණි.
එහිදී මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ, නඩුව ඊළඟ වර කැඳවන අවස්ථාවේදී තෙවන සැකකරු ලෙස නම් කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව ඔහු අද (30) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම අවස්ථාවේදී අධිකරණ අවට ආරක්ෂාවද තර කර තිබූ බව වාර්තා වේ.
[PUYAE9[